මිනින්දොරු දෙපාර්තමේන්තුව ඇමරිකාවට
සින්නක්කර ඔප්පු ලබා දෙන මුවාවෙන් මිනින්දොරු දෙපාර්තමේන්තුව ඇමරිකාවට පැවරිමෙන් රුපියල් කොටි 2500 ක මුල්‍ය වංචාවක් සිදුවෙයි ද?
මෙරට පැරැණිම දෙපාර්තමේන්තුව වන්නෙ මිනින්දොරු දෙපාර්තමේන්තුවයි .මෙ වන විට එයටද ඇමරිකාවේ අතපෙවීමක් හා මෙරටට තවත් ණය කන්දරාවක් එන ලකුණු පෙනෙන්නට ඇත.
මේ වන විට දේශියව රුපියල් කෝටි 1000 ක වියදමින් ඉඩම් මැන පිරිසිදු සින්නක්කර ඔප්පු ලබාදීමට හැකියාව පවතිද්දී ආණ්ඩුව, නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් කෝටි 2500ක විදේශ ණයක් විශාල පොලී අනුපාතයකට ලබාගෙන ,යහපාලන ආණ්ඩුව මිනින්දොරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට ලබාදීම අනුමත කර ඇත.
මිනින්දොඅරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. බී. උදුගොඩ මහතා පවසන ආකාරයට , වර්ෂ 1800 සිට ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් මැන බෙදා වෙන්කර පිඹුරු සකස් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසිනුයි. රජයේ අලුත්ම සැලසුම වී තිබෙන්නේ මිනින්දොඅරු දෙපාර්තමේන්තුවෙන් එම කටයුතු ඉවත් කර ඇමරිකානු සමාගමට ලබා දීමයි.
මේහිදි ඉඩම් හිමි සැම පුද්ගලයකුගේම ඇසෙහි කළු ඉංගිරියාව ස්කැන් (scan) කර ලබා ගැනිමෙන් ඉඩම් වල හා පුද්ගලයන්ගේ සියලු තොරතුරක්ම ඇමරිකාවට නතු විමෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙද?
රජයක් වශයෙන් මේවන් සංවර්ධන ක්‍රියා කිරිම අගය කල යුතුමය .නමුත් මේම සංවර්ධනය සිදු විය යුත්තේ මෙවන් අකාරයට විදේශ රටවල් වල රට පාවා දිමෙන් නොවේ .

-
මිනින්දොරු දෙපාර්තමේන්තුව ඇමරිකාවට
Sudesh March 15, 2018
Sudesh
Integer sodales turpis id sapien bibendum, ac tempor quam dignissim. Mauris feugiat lobortis dignissim. Aliquam facilisis, velit sit amet sagittis laoreet, urna risus porta nisi, nec fringilla diam leo quis purus.
You might also like
Subscribe to:
Post Comments
(
Atom
)
No comments:
Post a Comment