• වතුර බොමු ජිවත් වෙමු

    මේ විදියට ජලය පානය කරොත් සමේ රැළි වැටීම් අවම කරගෙන හැමදාම තරුණව ඉන්න පුළුවන්


    ජලය කියන්නේ අපේ ජීවිතය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කරන වැදගත්ම සාධකයක්. ආහාර නොමැතිව සිටියත් ජලය නොමැතිව අපට එක් දිනක්වත් ජීවත්වීමට නොහැකීයි. ඒ නිසයි අපට ජලය මේ තරම්ම වැදගත් වෙන්නේ. එබැවින් අවශ්‍යතාවය දැනෙන සෑම මොහොතකදීම පිරිසුදු ජලය පානය කරන්නටත්, එපමණකින් නොනැවතී ජලය මිශ්‍ර ආහාර පාන, පලතුරු ආදිය ලබා ගැනීමටත් අපි පුරුදු වී සිටිනවා. ඔබ දන්නවද අපගේ ශරීරය තුළ සිදු කෙරෙන සෑම ක්‍රියාවක් සඳහාම ජලය සක්‍රීය දායකත්වයක් සපයන බව?. ඒ අතුරින් සමේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජලය විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඔබ සමේ ආරක්ෂාව සඳහා බාහිරින් ආලේප කරන ආලේපන වලට කිසිදා ලබා දිය නොහැකි  ආරක්ෂාවක්, පෝෂණයක් ජලය මඟින් සමට ලබා දෙනවා.

    සාමාන්‍යයෙන් අපේ සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු ස්වභාවය රදා පවතින්නේද  සමෙහි ඇති ජල මට්ටම අනුවයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම් ඇතිවීමේ අවදානමක් පවතින අතර අපේ සමට අවශ්‍ය කරන ඛනිජලවණ වැඩි ප්‍රමාණයක් සමට ළඟා කරවන්නේ ද අප බීමට ගන්නා ජලය මඟින්. මෙම ඛනිජලවණ සමට නියමිත පරිද්දෙන් නොලැබුණහොත්, සම සම්බන්ධයෙන් බොහොමයක් රූපලාවණ්‍ය ගැටළු ඇති වීම ආරම්භ වෙනවා.

    දිනකට නිසි ප්‍රමාණයට ජලය පානය කළහොත් එය ඔබගේ සුන්දරත්වය බොහෝ දුරට කාලාන්තරයක් පුරාවට ආරක්ෂා කරන ලබනවා. එබැවින් දිනකට අපේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය මැන බලා බීමට පුරුදු වන්න. සාමාන්‍යයෙන් යහපත් කාලගුණයක් පවතින සෞම්‍ය දිනයක දී විවේකීව සිටින පුද්ගලයකුගේ දිනයක ජල අවශ්‍යතාව මනින්නේ මේ ආකාරයටයි.

    උදාහරණයක් ලෙස බර කිලෝ ග්‍රෑම් 60 ක් වූ පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව අවමය ලීටර් 02 ක් පමණ වේ. ඊට අමතරව ඔහුගේ රැකියාව හෝ ඔහු දිනය පුරා යෙදෙන කාර්යයන් අනුවත් වයස හෝ සෞඛ්‍ය තත්ත්වය අනුවද මෙම ජල පරිමාව වෙනස් විය හැකියි. එමෙන්ම එදිනෙදා පවතින කාලගුණික තත්ත්වය වාගේම එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුවත්, ඔහු ව්‍යායාම ආදියෙහි යෙදෙන්නේ නම් එය ද මේ ජල පරිමාව වෙනස්වීමට හේතු වෙනවා. කාන්තාවකගේ නම් මාසික ඔසප් දිනවලදී වාගේම ගර්භණී හෝ කිරිදෙන මවක වැනි විශේෂ තත්ත්ව යටතේ ඉහත සඳහන් ලීටර් දෙකක ජල අවශ්‍යතාව වැඩිවිය හැකියි.

    මේ සියල්ලේ සාරාංශයක් ලෙස ගත් විට ලීටර් 2 1/2ත්  – 3 1/2 ත් අතර ජල ප්‍රමාණයක් දිනක දී අවශ්‍ය වෙන බව සදහන් කරන්නට පුළුවන්.

    සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව සම්පූර්ණ වන්නට නම් එම පුද්ගලයා දිනය පුරාම ලබාගන්නා ජල ප්‍රමාණයේ එකතුවක් ගත යුතුයි. එසේ නොමැතිව එම නියමිත ජල ප්‍රමාණය පැයක දී දෙකක දී වැනි කෙටි කාලසීමාවක් තුළ නොව දිනයේ පැය 24 පුරා ටිකෙන් ටික භාවිත කළ යුතුයි. මන්ද එකවර වැඩි ජල ප්‍රමාණයක් භාවිත කිරීම මගින්ද  විවිධ සෞඛ්‍ය ගැටළු මතු වීමට හැකියාව ඇති නිසයි.

    ඔබට පිපාසය අධිකව දැනීමට ප්‍රථම ජලය බීමට ගන්න. අධික පිපාසය දැනුණු පසුව අධිකව ජලය පානය කිරීමද අපේ සෞඛ්‍යට අහිතකර වෙන්නේ නෑ. එවැනි අවස්ථාවක ටික ටික, වරින්වර ජලය පානය කරන්නට පුරුදු වෙන්න. මෙම තත්වය මග හරවා ගැනීමට කල හැකි හොදම දෙය නම් ජලය පානය කිරීම සදහා පිපාසය දැනෙන තුරුම නොසිට වරින් වර ජලය පානය කිරීමට ශරීරය පුරුදු කරවීමයි.

    බොහෝ දෙනකු තද අව් රශ්මියේ ගමනක් ගොස් නිවෙසට පැමිණි විගස සීතල ජලය පානය කිරීමට දැඩි ප්‍රියතාවයක් දක්වනවා. නමුත් තද හිරුඑළියේ හෝ අධික තාපය ඇති ස්ථානයක සිට පැමිණි විගස සීතල ජලය පානය කිරීම මාරාන්තික බව ඔබ දන්නවාද ?

    ජල පානයෙන් සමට ඇති වැදගත්කම ගැන වැදගත් තොරතුරු ඇතුලත් මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඔබට සුබ දවසක්

  • You might also like

    No comments:

    Post a Comment