ඉන්දීය මාධ්‍ය සෙල්ලම් කළ හැටි
ශ්‍රී දේවි මියගිය අයුරු අපැහැදිලි වීමත් සැකයට මුල්වූ හේතු රැසක් පැවතීමත් නිසා මෙආකාර මාධ්‍ය හැසිරීමක් ඉබේම නිර්මාණය වූ බවද ඇතැමුන්ගේ අදහසයි.
ඇය මියගියේ හෘද රෝගයකින් බව මුලින් පැවසුණත් පසුව එම නිගමනය සැකයට ලක් කරමින් පශ්චාත් මරණ වාර්තාවක් නිකුත්වූ නිසා ඇය මත්ද්‍රව්‍යයක් නිසා බේසමේ ගිලෙන්නට ඇතැයි වාර්තා පළවිය. ඒ අතරම botox නමැති සමේ තරුණ පෙනුම රැකගැනීමට
එන්නත් කරගන්නා.
ඖෂධයක් විසවූ නිසා මියගිය බවටද වාර්තා පළවිය. එසේම ඇයගේ මුහුණේ ප්ලාස්ටික් සැත්කමක් තිබුණ බවත් එය හොදින් සුවවීම වෙනුවෙන් ඇය නිරන්තර ඖෂධ ලබාගත් බවත් ඇය රට යද්දී එම ඖෂධය අමතකවී ඩුබායිහිදී වෙනත් වෙළෙඳ නාමයකින් එම ඖෂධ ලබාගන්නට යාමෙන් හානියක් වන්නට ඇති බවත් තවත් වාර්තාවක පළවී තිබුණි.
තවත් මාධ්‍ය ආයතන ගණනාවක්ම සිය ප්‍රවෘත්ති වඩා හොදින් ඉදිරිපත් කිරීමට ශ්‍රී දේවී මියගිය නාන කාමරය දැක්වෙන ග්‍රැෆික් නිර්මාණ ඇසුරින් ‘වර්චුවල් බාත්රූම්‘ සකස් කර තිබුනේ ඇතැම් විට හාස්‍ය දනවන අයුරිනි.
ශ්‍රී දේවි ටබ් එකේ මියගොස් සිටියදී බොනී කපූර් නාන කාමරය වෙත පැමිණ ඇය දෙස බලන අයුරුද පොටෝ ෂොප් ඇසුරින් සකසා එක් මාධ්‍ය වාර්තාවක පළ කර තිබුණි.
එක් රූපවාහිනී නාලිකාවක නිවේදකයෙකු බාත් ටබ් එකක දිගාවී ශ්‍රී දේවී මියගිය ආකාරය විස්තර කර තිබේ.
මේ අතර ශ්‍රී දේවිය මියගොස් සිටි අතරවාරයේ ඇය හා සමාන ඇස් ඇති බිළිඳෙකුගේ උපත පිළිබඳ ආකර්ෂණීය මාධ්‍ය වාර්තාවක්ද එරට බොහෝ නාලිකාවන්හි විකාශය විය.
මෙම වාර්තා විවේචනය කරමින් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද බොහෝ අදහස් පළව තිබුණි.


No comments:
Post a Comment